මට නම් ඇත්තටම එහෙම වෙලා නෑ..
October 25, 2010
(ඔබ අප කවුරුත් පාහේ ඔහු හඳුනාගනු ලැබුවේ සිහින තරුවක් ලෙසය. ශ්‍රී ලාංකේය නවක ගායන තරු අභිෂේකයේ මෞලි මංගල්‍යය"දෙරණ ඩ්‍රීම් ස්ටාර්"පළමු තරගාවලියේදී කිරුළ හිමිකරගත් ඔහු උදේශ් ඉන්දුලය. ඔහුගේ නවතම ගීතය"ළංවෙලා ඉමු සීතේ"මේ දිනවල බොහෝ විද්‍යුත් නාලිකා ඔස්සේ අසන්නට ලැබේ. මෙවර ආලින්දය කතාබහ ඔහු සමගයි.)
*සම්පූර්ණ නම
කඳනආරච්චිගේ දොන් උදේශ ඉන්දුල
*උපන්දිනය
1989. 01. 10
*පදිංචිය
කළුතර, මොරොන්තුඩුව
*පවුලේ සාමාජිකයින්
අම්මයි, තාත්තයි, අක්කලා තුන්දෙනයි
*අධ්‍යාපනය ලැබූ පාසල්
වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය
*උදේශ්, කොහොමද ඉතිං ජීවිතේ?
ජීවිතේ හොඳයි. සතුටින් ඒ වගේම තරමක් කාර්යයබහුල විදිහට ගෙවී යනවා.
*සංගීතය පැත්තෙන් මේ දවස් වල වැඩ කටයුතු කොහොමද?
මේ දවස් වල මගේ ගීත ඇල්බමයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මගේ ගීතයකට අලුත්ම වීඩියෝ එකක් නිර්මාණය කරගෙන යනවා. හුඟක් අය මගෙන් ඇහුවා ඇල්බම් එකක් කරන්නේ නැද්ද කියලා. දැන් මම ක්ෂේත්‍රයට ඇවිල්ලත් වසර එකහමාරක් විතර වෙනවා. කොහොමත් ජනවාරි, පෙබරවාරි විතර ඇල්බම් එක නිකුත් කරන්න පුළුවන් වෙයි.
*රියැලිටි ටී.වී වැඩ සටහන් තුළින් ක්ෂේත්‍රයට එන නවක ශිල්පීන් දීර්ඝකාලීනව ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්නේ නෑ කියන අදහසට ඔබ එකඟද?
වෙලා තියෙන දේවල් එක්ක එකඟ වෙන්න වෙනවා. එහෙම එන අය මුලින් ඒ උණුසුමත් එක්ක බොහෝ දේ කරනවා. ඒ කාලේ ඉල්ලුම වැඩියි. කාර්යබහුල වැඩියි. ඒ කාර්යබහුලත්වයත් එක්ක අපිට අලුත් නිරාමාණ කරන්න ලැබෙන කාලය අඩුයි. පස්සේ අපිට තේරෙනවා ඒ දේවල් ටික ටික අඩුවෙනවා කියලා. එහෙම වාතාවරණයක් ඇත්තටම ලංකාවේ තියෙනවා. මම හිතන්නේ හොඳ නිර්මාණ කළොත් ඒ දේ මඟහරවාගන්න පුළුවන්. ඒ දේවල් ඉක්මනටම තේරුම් ගන්න අමාරුයි. අනිත් වැඩත් කරගෙන හොඳ බුද්ධියෙන් වැඩ කළොත් ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්.
*ඔබට ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි වලට මුහුණදෙන්න සිදුවුණු අවස්ථා නැද්ද?
මට නම් ඇත්තටම එහෙම වෙලා නෑ. මම හිතන්නේ එහෙම දේවල් වෙන්නේ රියැලිටි වැඩසටහනෙන් පසුවයි. තවමත් අපි ප්‍රසංගයකට ගියොත් ජනතාව අපේ අලුත් ගීතත් අහන ගමන් අපෙන් ඉල්ලන්නේ අපි තරගයේදී ගායනා කරපු ගීත. අපි ඒ වගේ ප්‍රසංග වලට යන්නේ කිසියම් අය කිරීමක් කරලයි. මේ දවස් වල ඇත්තටම කලාව බොහෝදුරට යන්නේ මුදල් මත. ඒ වගේ තත්ත්වයකදී අපි ගායනා කරන ගීත වල අයිතිය තියෙන ප්‍රවීණ ශිල්පීන්ට එවැනි දෙයක් නොලැබුණාම ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. අපි නම් ඔවුන්ගේ ගීත ගායනා කරද්දි ඒ ප්‍රවීණ ශිල්පීන් ගැන මතක් කරනවා. ඒ ගැන ප්‍රවීණ ශිල්පීන් සතුටුවෙනවා.
*මම හිතන්නේ තරුණයෙක් විදිහට යොවුන් වියේ ආදරය ඔබට ආගන්තුක වෙන්න බෑ. ඒ ගැනත් අපි කතාකරමු?
ආදරය හොඳයි ඉතින්. ගෙදර හැමෝම ආදරෙයි මට. ආදරය ලබන්න ඕන කෙනෙක් වාසනා කරල තියෙන්න ඕන. මම හුඟක් වාසනාවන්තයි මුළු රටක්, ලෝකයක් ආදරය කරන තැනට මම පත්වුණා. වෙන ආදරයක් ගැන නම් තවම ලොකුවට හිතලා නෑ. ඉස්සරහට තමයි ඒ ගැන හිතන්න ඕන. මොකද මම දැනට සංගීත ක්ෂේත්‍රය වගේම අධ්‍යාපන වැඩ කටයුතු වලත් යෙදිලා ඉන්න නිසා ඒ ගැන හිතන්න ගියොත් ඒ වැඩ කටයුතු හරියට කරගන්න බැරිවෙයි කියලා මම හිතනවා.
*ඔබේ රසිකාවියන්ගෙන් එහෙම ආදර යෝජනා ලැබුණ අවස්ථා නැද්ද?
එහෙම අවස්ථා ඇත්තටම තියෙනවා. ඒත්, මම දන්නෑ ඒ ඇත්තටමද එහෙම නැත්නම් විහිළුවටද කියලා. ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. දැන් තියෙන රැල්ලත් එක්ක මම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්. අපි බුද්ධිමත් විදිහට කටයුතු කළොත් මම හිතන්නේ ඒ දේවල් වලට මුහුණදෙන්න පුළුවන්. මම ඒ යෝජනා වැරදි විදිහට දකින්නෙත් නෑ. ගැටලු ඇතිවුණු අවස්ථාත් තියෙනවා. ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය කාලේ අපිට පිළිතුරු දෙන්න බැරිතරම් ඇමතුම් ආවා. ඒ අතරේ නිතරම එන දුරකථන ඇමතුම් තිබුණා. ඒ වගේ තැන් වලදී කේන්ති ගිය අවස්ථාත් නැත්තේ නෑ.
*උදේශ්, රංගනයට පිවිසෙන්න අදහසක් නැද්ද?
"සුළඟ"ටෙලි නාට්‍යයෙන් පුංචි ආරාධනාවක් ආවා. මම ඒ ගැන එතරම් හිතුවේ නැත්තේ මට රඟපාන්න බැරි නිසා. පොඩි හැකියාවක් ඇති කියලා හිතෙනවා. නැත්තේ නෑ. නැත්නම් ළංවෙලා ඉමු සීතේ ගීතයේ රූප රචනය හොඳින් කරගන්න බැරිවෙනවා. ඉන් පස්සේ හුඟදෙනෙක්ගෙන් ප්‍රශංසා ආවා. එය මගේ ඉදිරි වැඩ කටයුතු වලට ලොකු ශක්තියක් වුණා. පොඩි පොඩි ආරාධනා ආවා. ඒත්, මට හිතුණා මම රඟපාන්න ගියොත් මගේ ගීතත් කවුරුත් අහන්නේ නැතිවෙයි කියලා.
*අධ්‍යාපනය හා සංගීතය අතරේ ගෙවෙන ඔබේ කාර්යයබහුල ජීවිතය ඔබ කොහොමද ඔබේ දින චර්යාව සකසාගෙන තියෙන්නේ?
ගොඩක් මේ දවස් වල අවධානය දීලා තියෙන්නේ විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු වලට. ක්ෂේත්‍ර 2 සමබර කරගන්න ටිකක් අමාරුයි. ක්ෂේත්‍ර 02 ගැනම පූර්ණ අවධානය දීම අවශ්‍යයි. වර්තමානයේ තරගය ගොඩක් වැඩියි. ඒ අතරේ පොඩි බයකුත් තියෙනවා අපිව පේන්න නැතුව ගියොත් අපිට තැනක් නැතිවෙයිද කියලා. ප්‍රේක්ෂකයින් අපෙන් ඉල්ලුව දේ අපට දෙන්න බැරිවෙයිද කියලා. නමුත් ඒ අතරෙම අපේ අධ්‍යයන වැඩ කටයුතුත් අපි කරගත යුතුයි.
*මතක් කරන්න පුළුවන්ද ඔබේ ජීවිතයේ වඩාත්ම සංවේදී වූ අවස්ථාව ගැන?
සංවේදී වුණු අවස්ථා කිහිපයක් තිබුණා. එක අවස්ථාවක් ඩ්‍රීම් ස්ටාර් තරගය ජයග්‍රහණය කළ අවස්ථාව. ඒ තරගයෙන් මාස 2 ක් විතර ගියාට පස්සේ මගේ අම්මාව හදිසි ශල්‍ය කර්මයකට භාජනය කරන්න වුණා. ඒ අවස්ථාව ඇත්තටම මම ගොඩක් සංවේදී වුණු අවස්ථාවක්. තවත් අවස්ථා තියෙනවා. ඇත්තටම කලාකාරුවෝ කියන්නේ බොහොම සංවේදී පිරිසක්. මමත් එහෙමයි. ඇත්තටම ඇස් දෙකට කඳුළු එන තරම් සංවේදී වූ අවස්ථා තියෙනවා. කලාකරුවෙකුගෙන් හොඳ නිර්මාණ බිහිවෙන්නෙත් ඒ සංවේදීකම හරහායි.
*උදේශ්, කටකතා සම්බන්ධ අත්දැකීම් වලට ඔබට මුහුණදෙන්න සිදුවෙලා නැද්ද?
අපි අපේම කෙනෙක්ගේ ගෙදරට ගියත් ඒ තැන වැඩිපුර රැඳුණා කියලා විවිධ දේවල් කියනවා. ඒ දේවල් ගැන මම බොහොම ලොකුවට හිතන්නේ නෑ. හැමදෙයම හොඳ අතට හරවගන්න කටයුතු කරනවා. කටකතා ඕන තැනක පැතිරෙනවා. කටකතා අපේ ජීවිතයට සොඳුරු අත්දැකීම් කරගන්න තරමට අපේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙයි.
*ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනාගැනීමට පෙර සහ පසුව ඔබේ ජීවිතය ගැන බලද්දි ඔබ අත්දකින වෙනස මොන වගේද?
ඒ වෙනස ඇතිවුණේ හොඳ අතටයි. තරමක් කාර්යයබහුල වුණා තමයි. බොහෝ පිරිසක් හඳුනගත්තා. විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ඇතිවුණා. මුල් කාලේ ආවේ ගියේ බස් එකේ. පසුව තිබුණ වැඩ කටයුතු එක්ක බස් එකේ යන්නවත් ඉඩක් ලැබුණේ නෑ. යන්නත් අමාරුයි. එහෙම බස් එකේ ගියොත් විවිධ චෝදනා එනවා ප්‍රේක්ෂකයින්ගෙන්. හිනාවුණේ නෑ. කතා කළේ නෑ කියලා. ජීවිතයේ විශාල වෙනසක් ඇතිවුණා. ඒ වෙනුවෙන් මාත් එක්ක හිටිය හැමදෙනාටම බොහොම ස්තූතියි.
HARD TALK
*දේශපාලනයට පිවිසෙන ලෙස ආරාධනයක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද?
අනිවාර්යයෙන්ම බාරගන්නවා.
*ජීවිතයේ සාර්ථකත්වය රැඳී තියෙන්නේ වාසනාව මතද? උත්සාහය මතද?
උත්සාහය මත
*ඔබ හිතන විදිහට කලාකරුවෙක් මුල් තැන දිය යුත්තේ තමන්ගේ වෘත්තීය ජීවිතයටද? පෞද්ගලික ජීවිතයටද?
පෞද්ගලික ජීවිතයට
*ඔබේ ජීවිතයේ සහකාරිය විදිහට ඔබ තෝරාගන්නා තැනැත්තියගෙන් ඔබ පළමුවෙන්ම බලාපොරොත්තු වන සුදුසුකම කුමක්ද?
නිහතමානීකම
*ඔබත් සමග යුග ගීතයක් ගායනා කිරීම සඳහා නිලුපුලී දිල්හාරා, චේතනා රණසිංහ හා උපේඛා නිර්මාණි යන අයගෙන් එක් අයෙක් තෝරාගැනීමට සිදුවුවහොත් ඔබ තෝරාගන්නේ කවුද?
උපේඛා නිර්මාණි
*ගායන ශිල්පීන් තමන්ගේ ගීත නිර්මාණ වාණිජ අරමුණු වෙනුවෙන් වෙළඳ දැන්වීම් සඳහා යොදාගැනීම ඔබ අනුමත කරනවාද?
අනුමත කරනවා

(c)_adaderana.lk
<div style='clear: both;'/> <!-- clear for photos floats -->
No comments:
Post a Comment