<a href="http://twitter.com/share" class="twitter-share-button" data-count="vertical" data-via="NPS7">Tweet</a><script type="text/javascript" src="http://platform.twitter.com/widgets.js"></script> යෝග්යතාවය 1.තෝරා ගැනීමේ පරිපාටිය ලියාපදිංචි කිරිමේ ක්රියාපිලිවෙල / ජන්ද හිමි නාමලේබන ප්රතිශෝධනය
2. ලියා පදිංචි කිරීමේ ක්රියාවලිය / ඡන්ද හිමි නාමලේබන ප්රතිශෝධනය පියවර 1: අදාල දිස්ත්රික්කයේ ලියා පදිංචි කිරීමේ නිලධාරි විසින් පත් කරනු ලබන ගණන් ගන්නා නිලධාරි (ග්රාමිය මට්ටමේ රජයේ නිලධාරීන්/ග්රාම නිලධාරි) විසින් ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍ර (බීසී ආකෘති පත්‍ර) සෑම නිවසකම ගෘහ මූලික වෙත බාර දෙනු ලැබේ. සටහන : ගණන් ගන්නා නිලධාරියා විසින් ලියාපදිංචි කිරීමෙ ආකෘතිය (බීසී ආකෘති පත්රය) හා ලදුපතෙහි අදාල කොටස් සම්පූර්ණ කර භාරදිය යුතු ය. පියවර 2:ගණන් ගන්නා නිලධාරියා විසින් බාරදෙන ලද ලියාපදිංචි කිරීමේ ආකෘති පත්රය (බීසී ආකෘති පත්රය) හා සම්බන්ධ ලදුපත /ඡන්ද හිමි නාමලේබන ප්රතිශෝධනයණී ගෘහමූලික විසින් අත්සන් කොට ගණන් ගන්නා නිලධාරියාට බාරදේ. පියවර 3:සෑම ගෘහයකම ගෘහමූලිකයා විසින් ලියාපදිංචි කිරීමේ ආකෘතියේ (බීසී ආකෘතිය) අවශ්‍ය සියලු තොරතුරු සම්පූර්ණ කළ යුතුය. සටහන : වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි යම් ස්ථානයක ජුනි මස 01 වන දින සාමාන්යය පදිංචියක් සහිත සියලු ශ්රී ලංකා පුරවැසියන්ගේ විස්තර (ඔවුන් තාවකාලිකව නොසිටියද ) ප්රතිශෝධන ආකෘතියට ඇතුළත් කරන්න. එබඳු කිසිවෙකු නොවේ නම් කරුණාකර ඒ බව සටහන් කළ යුතු ය. සටහන : සෑම වසරකම ජුනි මස 01 වන දිනය සුදුසුකම් ලැබීමේ දිනය වශයෙන් සැලකේ පියවර 4: සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීමේ ආකෘතිය (බීසී ආකෘතිය) ගණන් ගන්නා නිලධාරියා විසින් එකතු කරනු ඇත. සටහන: ගෘහ මූලිකයා විසින් ගණන් ගන්නා නිලධාරියාගෙන් ලදු පත ලබා ගත යුතු ය. අයදුම්පත් ආකෘති
ජන්ද දායකයෙකූ ලියාපදිංචි කිරීම පියවරෙන් පියවර ක්රියාවලිය සටහන : ඡන්ද හිමියන් ගණන් ගැනීම, ඡන්ද හිමි නාමලේබන ප්රතිශෝධනය සහ ඡන්ද හිමි නාමලේබනය සහතික කිරීම වාර්ෂිකව සිදුකෙරේ. සහකාර මැතිවරණ කොමසාරිස්වරයා (සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරියාද වන) දිස්ත්රික්කයේ පරිපාලන ප්රධානියා වන දිස්ත්රික්ක ලේකම්වරයාගේ (කලින් දිසාපති) මග පෙන්වීම හා පාලනය යටතේ ප්රතිශෝධන කටයුතු අධ්ක්ෂණය කරනු ලබයි. ගණන් ගැනීමේ නිලධාරීන් වන්නේ ගම් මට්ටමේ රජයේ නිලධාරීන්/ග්රාම නිලධාරීන්ය පියවර 1: මැතිවරණ කොට්ඨාශ සදහා ඔවුන් (දිස්ත්රික්ක ලේකම්වරු) ලියාපදිංචි කිරීමේ නිලධාරීන් වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පත්කරනු ලැබේ පියවර 2: ගණන් ගන්නා නිලධාරීන් පත්කිරීම සහ ඔවුන් වෙනුවෙන් උපදෙස් පන්ති පැවැත්වීම ලියාපදිංචි කිරීමේ නිලධාරී විසින් සිදුකරනු ලබයි. ඡන්ද දායකයින්ගේ නමි ලේබනගත කිරීම සදහා ගණන් ගන්නා නිලධාරීන් නිවෙස්වලට යනු ලැබේ.. පියවර 3:සෑම නිවසකම ගෘහමූලිකයාට ලියාපදිංචි කිරීමෙ ආකෘති පත්රය (බීසී ආකෘති පත්රය) ගණන් ගන්නා නිලධාරියා විසින් සපයනු ලැබේ. අධික ජනගහණයක් පවතින මහ නගර සභා ප්රදේශවල කටයුතු සදහා විශේෂ ගණන් ගන්නා නිලධාරීන් පත්කරනු ලැබේ. පියවර 4: ලියාපදිංචි කිරීමේ ආකෘති පත්රය (බීසී ආකෘති පත්රය) හා සම්බන්ධ ලදුපත ගණන් ගන්නා නිලධාරියා විසින් පුරවනු ලබයි පියවර 5: ලියාපදිංචි කිරීමේ ආකෘති පත්රය (බීසී ආකෘතිය) ගණන් ගන්නා නිලධාරියාගෙන් ලද බව සහතික කිරීම සදහා ගෘහ මූලිකයා විසින් ලදුපත අත්සන් කොට ආපසු ගණන් ගන්නා නිලධාරියාට බාරදෙයි. පියවර 6: සෑම ගෘහමූලිකයෙකුම් විසින් ලියාපදිංචි කිරීමෙ ආකෘති පත්රයේ (බීසී ආකෘති පත්රය) අවශ්‍ය සියලු විස්තර සමපූර්ණ කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. පියවර 7: ලියාපදිංචි කිරීමෙ ආකෘති පත්රය (බීසි ආකෘති පත්) එකතු කිරීමෙ වගකීම ඇත්තේ ගණන් ගන්නා නිලධාරියා වෙතය. සටහන 1: ගණන් ගන්නා නිලධාරියා විසින් සම්පූර්ණ කරන ලද බීසී ආකෘති පත්රය ලබා ගැනීමේදී ලදුපත අත්සන්කර ගෘහ මූලිකයාට ලබාදිය යුතු ය. සටහන 2 : බීසී ආකෘති පත්රය පිරවීමෙදී අමුත්තන්ගේ හෝ නිවසට පැමිණෙන්නන්ගේ නම් ඇතුළත් නොකරන්න. සටහන 3 : ඉල්ලා සිටින ලද තොරතුරු සමපූර්ණ වශයෙන් සපයා නොමැති විට ඊට අදාළ නම ලියාපදිංචි කළ නොහැකිය. සටහන 4 : රැකියා හෝ අධ්යාපන කටයුත්තකට තාවකාලිකව විදේශගතව සිටින්නෙක් වේ නම් එවැනි අයෙකුගේ නම එම අයගේ සාමාන්‍ය ලිපිනය යටතේ ආකෘතියට ඇතුළත් කිරීමට ගෘහමූලිකයාට පුළුවන. එබදු පුද්ගලයෙකුට අදාළව එම අය රැකියාව කරන ස්ථානයේ හෝ ඉගෙනීම කරන ස්ථානයේ ලිපිනය ලියාපදිංචි ආකෘතියේ ඇතුළත් කිරීමට ගෘහමූලික වගබලා ගත යුතුය. සටහන 5 : තමා සම්පූර්ණ කරන ලද ආකෘතිය බාර දෙනු ලබන ග්රාම නිලධාරීන්ගෙන් හෝ විශේෂ ගණන් ගන්නා නිලධාරියාගෙන් එසේ එම ආකෘතිය බාරදුන් බව සනාථ කෙරෙන ආකෘතියට හා බැදිවෙන්කළ හැකි සේ මුද්රණය කර ඇති ලදුපත නොවරදවාම ආපසු ලබාගත යුතු බවට ගෘහ මූලිකයාට උපදෙස් දෙනු ලැබේ` පියවර 8: ඡන්ද හිමි නාමලේබනය සංශෝධනය සහ සැකසීම සුදුසුකම ලැබීමේ දිනය අනුව සිදුකෙරේ එනම් ජුනි මස 01 දිනට වයස අවුරුදු 18 සමපූර්ණ වූ සියලු පුරවැසියන් සුදුසුකම ලැබීමේ ලිපින යටතේ ලියාපදිංචිය සදහා සුදුසුකම ලබයි` පියවර 9: දිස්ත්රික්ක කාර්යාල විසින් සියලුම ලේබන (බීසී ආකෘති පත්‍ර ) එකතු කර අවසන් වූ පසු සියලුම ඉවත් කළ යුතු නම් ("ආ" ලැයිස්තුව) සහ ඇතුළත් කළ යුතු නම් ලැයිස්තුව ("ආ" ලැයිස්තුව) පිළියෙල කිරීමෙන් අනතුරුව සෑම වසරකම නොවැමබර්/දෙසැමබර් මාසවල දින 28 ක් වූ ව්යවස්ථාපිත කාල පරිචඡේදයක් තුළ ඒවා ප්රදර්ශනය කරනු ලැබේ. එකතු කිරීමේ කාලය, 1.5.15.2 දක්වා ඇත. සටහන 6 : ඔබගේ දැන ගැනීම සදහා 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ 12(4) වගන්තියේ උධෘතයක් පහත දැක්වේ "(4)(2)_ වන උප වගන්තිය යටතේ අවශ්‍ය තොරතුරු කිසිවක් තමා සතුව තිබිය දී, ඒ තොරතුරු ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත හෝ තත්කාර්යය සදහා ලියාපදිංචි කිරීමේ නිලධාරියා විසින් පත් කරන ලද යම් තැනැත්තකු වෙත හෝ සැපයීම පැහැර හරින නැතහොත් ඕනෑකමින් ම යම් අසත්‍ය තොරතුරක් සපයන සෑම තැනැත්තකු ම වරදක් කරන අතර, මහෙස්ත්රාත්වරයකු ඉදිරියෙහි වරදකරු කරනු ලැබූ විට. රුපියල් පන් සියයක් නො ඉක්මවන දඩයකට හෝ එක් මාසයක් නොඉක්මවන කාලයක් සදහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකට ම හෝ යටත් විය යුතුය." කාල සීමාව ක්රියාවලිය සඳහා ගතවන කාල සීමාව 1. ඡන්දදායකයකු ගණන් ගැනීම සඳහා ජුනි මස 01 දින සිට ඊළග වර්ෂයේ මැයි මස 30 වැනි දින දක්වා 1. ඡන්දදායකයන් ලියා පදිංචි කිරීම පියවර 1: ගණන් ගන්නා නිලධාරීන් සඳහා උපදෙස් පන්ති පැවැත්වීම
පියවර 2:ගෙයින් ගෙට ගොස් ගණන් ගැනීම
පියවර 3: දිස්ත්රික්ක මැතිවරණ නිලධාරින් විසින් ගණන් ගන්නා නිලධාරීන්ගේ ලියවිලි පරීක්ෂා කිරීම
පියවර 4: "අ"-ලැයිස්තුවේ නමි (වලංගු නාම ලේබනයේ නම්වලින් ඉවත් කිරීම සදහා නිර්දේශිත නම්) සහ "ආ" ලැයිස්තුවේ නම් (ප්රතිශෝධිත ඡන්ද හිමි නාමලේබනය සදහා අඵතින් ඇතුළත් කිරීමට නිර්දේශ කරනු ලබන නම්) ඇතුළත් ලැයිස්තු ඉටිපත්වල යතුරුලිවීම
වලංගු කාල සීමාව 1. ඡන්ද හිමියන් ලියා පදිංචි කිරීම ඡන්ද හිමියෙකුගේ ලියාපදිංචිය වලංගු වන්නේ වසරක් සදහා පමණි. එමනිසා ඡන්ද දායකයන් වාර්ෂිකව ලියා පදිංචි කළ යුතුයි. සේවා සමිබන්ධව වියදම පිරිවැය: මෙම සේවාව අය කිරීමකින් තොරව සිදු කරයි. සේවා ගාස්තූව :නැත දඩ : නැත අධිභාර
අවශ්‍ය කරන සනාථ කිරීමේ ලියවිලි
| |||||||||||||||||||||||||
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-27 12:14:13 |
No comments:
Post a Comment